දෙවිදුන්ට මහිමයක් වූ මහිම ප්‍රශාන් ගුණවර්ධන පියතුමාණන් ගැන මතක

දෙවිදුන්ට මහිමයක් වූ මහිම ප්‍රශාන් ගුණවර්ධන පියතුමාණන් ගැන මතක

සිරිකුරුස විදුපියසින්
“අ” යනු “ආ” යනු කියමින්
ප්‍රාථමික අංශයේ 1-5
ශ්‍රේණි දක්වා අකුරු කරමින්,
ගුණ නැණ බෙලෙන් හා
දහමින් පෝෂණය ලබා,
ළමා වියේ සිටම ගායනයට
වාදනයට දස්කම් දැක්වීය.
සිරිකුරුස විදුහලේ තූර්ය වාදක
කණ්ඩායමේ ද, සාමාජිකයෙකු ලෙස
තම හැකියා ලොවට ඵළි දැකිවීය.
බාල කාලයේ සිටම ආගම දහමට
ලැදි ප්‍රශාන් මහිම ගුණ යහපත්
අහිංසක දරුවෙකි.
දෙවිදුන් දුන් මුළු දිවියම
සමිඳු කෙත අස්වද්දන්නට
කැප කරමින් පසුගිය 2020 -09 -12
දින සිය පූජක දිවියේ
වරම් ලැබුවේය.
ඵතුමන්ගේ කුළුදුල් දිව්‍ය යාගය
ආඩිඅම්බලම ශුද්ධ වූ ජපමාල මාතා
දේවස්ථානයේදී පැවැත්වීය.
ගරු මහිම ප්‍රශාන් ගුණවර්ධන පියතුමාණන්ට
සිරිකුරුස මවු තුරුලේ සිප් කිරි පෙවූ
ගරු දර්ශිකා පැවිදි සොහොයුරිය,
දුශ්‍යන්තා සිරිවර්ධන, සුරංගි ප්‍රනාන්දු,
අයිරෝමි පෙරේරා ගුරු මහත්මීන්
ඵ් වාසනාවන්ත දිනයට සහභාගි වෙමින්
ඵතුමන්ට ආසිරි පතන්නට ඵක් වූහ.
සිරිකුරුස පාසල් මාතාවගේ ආදි සිසුවකු
වන ගරු ප්‍රශාන් ගුණවර්ධන
නවක පියතුමාණන්ට
සිරිකුරුස අපේ
සුභාශිංසන ! .......
නවක පූජක පුතුනි,
සැබැවින්ම ඔබ
සිරිකුරුස පාසල් මාතාවට
මහත් ආඩම්බරයකි
ඉමහත් ගෞරවයකි........