2020.06.08 දින පාසල් සෞඛ්යය හා ඩෙංගු කමිටු රැස්වීමට පැමිණි වෛද්ය තුමන් හා මහජන සෞඛ්යය පරීක්ෂක මහත්වරුන් පහත කරුණු කෙරෙහි පාසල් දරුවන්ව හා දෙමව්පියන්ව ඔබ විසින් අනිවාර්යයෙන්ම දැනුවත් කලයුතු බව පෙන්වා දෙන ලදි.

2020.06.08 දින පාසල් සෞඛ්යය හා ඩෙංගු කමිටු රැස්වීමට පැමිණි වෛද්ය තුමන් හා මහජන සෞඛ්යය පරීක්ෂක මහත්වරුන් පහත කරුණු කෙරෙහි පාසල් දරුවන්ව හා දෙමව්පියන්ව ඔබ විසින් අනිවාර්යයෙන්ම දැනුවත් කලයුතු බව පෙන්වා දෙන ලදි.

* රෝගය පිළිබඳව දැනුවත් වීම හා රෝග වාහකයකු නොවීමට පහත කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවන්න.

 

  1. දරුවාට නිවසේදීම යම් ශ්වසන රෝගයක්, එනම් කැස්ස, සෙම,උගුරෙ අමාරුව, නාසයෙන් සොටු දියර ගැලීම, හුස්ම ගැනීමේ අපහසුතාවක්, හිසරදය හෝ උණ… වැනි තත්ත්වයක් පවතීනම් දෙමව්පියන් එදින තම දරුවා පාසලට එවීමෙන් වැළකිය යුතු බව,
  2. මුව ආවරණය පැළදීමට පෙර දෑත් හොඳින් තත්පර 20ක් යනතුරු සබන් ගා ගලායන ජලයෙන් හොඳින් සෝදා පිරිසිදු කරගත යුතු අතර ඉන්පසු කිසි විටකදී තම මුව ආවරණ ස්පර්ශයෙන් වැළකිය යුතු බව,
  3. පාසලට තවත් මුව ආවරණ 3ක් වත් අවම වශයෙන් රැගෙන ආ යුතු බව,
  4. ආහාර ගන්නා විටදී හෝ වෙනත් අවශ්‍යතාවක් මත මුව ආවරණ ඉවත් කලහොත් ඒවා පොලිතින් බෑගයක බහා තම බෑගයේ දමා ඉවතලෑමට නිවෙස් වෙත ගෙන යායුතු අතර මුව ආවරණය ගැලවීම එහි දෙපස පටි වලින් පමණක් අල්ලා කල යුතු බව,
  5. නැවත මුව ආවරණ පැළදීමට පෙර දෑත් හොඳින් පිරිසිදු කරගත යුතු බව,
  6. එබැවින් තමන් සතුව තමාට පමණක් පරිහරණයට Hand Sanitizer දියර බෝතලයක් ගෙන ආ යුතු බව,
  7. වෙනත් සිසුන් ස්පර්ශයට යාමෙන් වැළකී සිටිය යුතුබව,
  8. තම බඩුබාහිරාදිය කිසිවක් වෙනත් සිසුන් සමග බෙදාහදා නොගත යුතු බව,
  9. පාසල් ආපනශාලා වසා ඇති බැවින් දරුවාට කෑමට හැකි ප්‍රමාණයට පමණක් නිවසේදීම පිළියෙල කරගත් පෝෂ්‍යදායි ආහාරයක් එවිය යුතු බව,
  10. දරුවන් සිය කෑම, බීම යහලුවන් සමග බෙදාහදා ගෙන කෑමෙන් වැළැකිය යුතු බව,
  11. බීමට ප්‍රමාණවත් ජලය ඇති තරම් නිවසේ සිටම ගෙන ආ යුතු අතර තම බෝතලය හෝ කෝප්පය හවුලේ භාවිත නොකල යුතු බව,

12.ඉතිරි ආහාර කොටස් නැවත නිවෙස් කරා ගෙන ගොස් විනාශ කර දැමිය යුතු බව,

  1. පාසලේදී තමාට ඉවත් කිරීමට එකතුවන ද්‍රව්‍ය තම Garbage bags වලම දමා ගෙන ගොස් ඒව නිසියාකාරව විනාශ කර දැමිය යුතු බව,
  2. සෑමවිටම සිසුන් අතර දුරස්ථතාව 1m පමණ වන පරිදි තබා කාර්‍යයන් වල නිරත වියයුතු බව,
  3. Hand Sanitizer ඇති බැවින් හැකි සෑම විටම දෑත් පිරිසිදු කරගත යුතු බව, වැසිකිළි භාවිතයෙන් පසුවද ඉතා හොඳින් දෑත් පිරිසිදු කරගත යුතු බව,
  4. පාසලට අත්‍යවශ්‍ය දේ පමණක් රැගෙන ආ යුතු බව,
  5. පාසල තුළ එහා මෙහා යාම අවම කරගත යුතු අතර යාමට සිදුවුව හොත් කිසිවක් ස්පර්ශ නොකර 1m පමණ පරතරයක් ඇතිව ගමන් කල යුතු බව,
  6. නිවසට ගිය පසු සපත්තු නිවසින් පිටත ගලවා තැබීම හා අව්වේ වියළා ගත යුතු බව,
  7. නිවසට ගිය වහාම දෑත් නිසිපිරිදි සබන් දා හොඳින් පිරිසිදු කල යුතු බව,
  8. ඇඟලා සිටි ඇදුම් මාරු කර සබන් දියරයක පොඟවා තබා සෝදා ගත යුතු බව, (තම ඇඳුම් තමාම සෝදා ගත යුතු බව පවසන්න.)
  9. ස්නානයෙන් හෝ ඇඟ සේදීමෙන් පසු පමණක් පවුලේ අන් අය හා සමග එක් විය යුතුබව,

 

* එසේම මේ කාලය තුළදී දරුවන්ගේ සනීපාරක්ෂාව පිළිබඳව සැලකීම මෙන්ම කෘත්‍රිම ආහාර වලින් තොර නිසි පෝෂකාංග ඇතුලත් නිවසේදීම පිළියෙල කල ස්වාභාවික ආහාර,පාන  පරිභෝජනයට හැකිතරම් හුරුකරවන්න. එය දරුවා තුල මනා ප්‍රතිශක්තියක් මෙන්ම යහපත් කායික හා මානසික සමබරතාවක්ද ඇති කරයි.*

 

ඉහත දක්වා ඇති කරුණු පිළිබඳව  ඉතා හොඳින් සියලුම සිසුන් දැනුවත් කිරීමට කාරුණික වන්න.

 

ස්තූතියි.

සෞඛ්‍යය කමිටුව,

සිරි කුරුස විදුහල, ගම්පහ.