බස්නාහිර පළාතේ හොඳම පාසල් විශිෂ්ට ව්‍යවහාර  අතරට ගම්පහ සිරි කුරුස විදුහල තේරී පත්වූ වගයි

බස්නාහිර පළාතේ හොඳම පාසල් විශිෂ්ට ව්‍යවහාර අතරට ගම්පහ සිරි කුරුස විදුහල තේරී පත්වූ වගයි

2021 covid 19 සමයේ පාසල් වසා තිබූ කාලසීමාව පුරා පාසල් විසින් ක්‍රියාත්මක කරන ලද විශිෂ්ඨ ව්‍යවහාර school best practices තේරීමේ තරගයෙන් අප පාසල විසින් ඉදිරිපත් කරන ලද “INGENIUM” වැඩසටහන කලාප මට්ටමින් ජයග්‍රහණය කර පළාත් මට්ටමට තේරී පත්වී බස්නාහිර පළාතෙන් තෝරාගත් හොඳම නිර්මාණ 15 අතරට තේරී පත් විය.

ඒ සඳහා ප්‍රණාම දැක්වීමේ උත්සවය ජාතික ගුරු දිනය සැමරීමේ ජාතික උත්සවය වශයෙන් 2022 /10/06 දින ගරු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ලංකාවේ සෑම පළාතකින්ම නිර්මාණ පහළොවක් මෙලෙස ඇගයීමට ලක් කෙරිණි. අප පාසල බස්නාහිර පළාතේ හොඳම පාසල් විශිෂ්ට ව්‍යවහාර 15 අත්රට තේරී පත්වී මෙලෙස ඇගයීම්ට ලක් විය. අපගේ වැඩසටහනෙහි මූලික අරමුණ වූයේ සිසුවියන් ගේ දැනුම කුසලතා හා ආකල්ප ධනාත්මකව සංවර්ධනය කරමින් කොරෝනා උවදුරු සමයේ නිවසට වී සිටීමෙන් උද්ගත වූ මානසික පීඩනයන්ගෙන් දරුවන්ව මුදවා ඔවුන්ගේ සහජ දක්ෂතා හරහා නිර්මාණකරණයෙන් ඔවුන්ව ඵලදායි අධ්‍යාපන ක්‍රියාවලියක යෙදවීමයි.