සිරි කුරුසියේ අයිස්ක්‍රීම් දන්සල

July 3, 2026

Holy Cross College Annual Guiding Camp 2026

July 3, 2026

සිරි කුරුසියේ අයිස්ක්‍රීම් දන්සල

July 3, 2026

Holy Cross College Annual Guiding Camp 2026

July 3, 2026

පරිසර දින සැමරුම 2026

'' දළුලන්න ඉඩ දෙන්න '' තේමාවෙන් ජාතික පරිසර දින සැමරුමට සමගාමීව සිරිකුරුස විදුහල් මාතාව පරිසර වැඩසටහනක් පසුගිය ජූනි 25 වන දින සංවිධානය කරන ලදී. අප පාසලේ පරිසර සංගමය හා පරිසර නියමුවන්ගේ මුලිකත්වය ගෙන ක්රියාත්මක වූ මෙම වැඩසටහන විවිධ අංගයන්ගෙන් සමන්විත විය. එහිදී අපගේ ආරාධනය පිළිගෙන ගරු සුභාෂ් ප්රනාන්දු පියතුමා , ගම්පහ කලාප අධ්යාපන කර්යාලයේ නියෝජ්ය අධ්යාපන අධ්යක්ෂක (තාක්ෂණ) හා ගම්පහ කලාපයේ පාසල් පරිසර නියමු කණ්ඩායම් සම්බන්ධීකරණ නිලධාරිතුමිය පී.එම්.එස්.සී.පතිරාජ මහත්මිය , Think Green Eco Club හි නිර්මාතෘ තුමිය වන පද්මා චන්ද්රසේන විශ්රාමික ගුරුමහත්මිය සහභාගී වූහ. එදින සුවිශේෂි වැඩසටහනක් ලෙස 12 ශ්රේණිය උසස් පෙළ සිසුවියන්ගේ සහභාගිත්වයෙන් දේශගුණික විපර්යාස පාලනයට ආර්ථික සීමා පැනවීම අත්යවශ්ය වේ/අත්යවශ්ය නොවේ යන කාලෝචිත මාතෘකාව යටතේ විවාද තරගයක්ද පැවැත්විණි. එදින පරිසර වැඩසටහන උණුසුම් අදියරයකට ගෙන යාමට මෙම විවාදයට හැකිවිය. "දළුලන්න ඉඩ දෙන්න... මොකද සොබාදහමට නැවත හිනැහෙන්න අපි ඉඩ දෙන තරමට, ජීවිතයත් නැවත හිනැහෙනවා."